General09 July 2026

කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි

හැටන්, කොටගල නගරයේ තොග වෙළඳසැලක තිබී සොයාගත් පරිභෝජනයට නුසුදුසු, ගුල්ලන් සහිත කහ පරිප්පු කිලෝග්‍රෑම් 1740ක තොගයක් භූමිතෙල් ඉස විනාශ කරන ලෙස හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් අද (09) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළා.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කොටගල නගරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී, එහි තිබූ ගබඩාවක සඟවා තිබියදී මෙම පරිප්පු තොගය සොයාගෙන සිය භාරයට ගෙන තිබුණා.

එසේ අත්අඩංගුවට ගත් පරිප්පු තොගය අද (09) දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ පරිප්පු තොගයේ අයිතිකරු තමන් වරදකරු බව පිළිගත් අතර, ඒ අනුව සැකකාර වෙළෙන්දාට රුපියල් 2000ක දඩයක් ගෙවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙසේ විනාශ කරන ලද පරිප්පු තොගයේ සමස්ත වෙළඳපොළ වටිනාකම රුපියල් පන්ලක්ෂ විසිදෙදහසක් (රු. 5,22,000) වන බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes