මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට අදාලව සිදු කළ පරීක්ෂණවලදී මරණකරුන්ගෙන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බවත්, එක් රැඳවියකුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
මීගමුව රෝහලේදී මියගිය සමස්ත පුද්ගලයන් 28 දෙනාගෙන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ කටයුතු මෙලෙස අවසන් කර මෘතදේහයන් ඥාතීන්ට භාර දී ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසුණා.
ඉන්දීය ජාතිකයෙකුගේ මෘතදේහයක් ද ඇතුළුව තවත් මෘතදේහයන් හතරක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) දින මියගිය බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් අද දින මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඔහුගේ මරණයට අදාළ සාක්ෂි කැඳවීම් ද අද (09) දින අවසන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මීගමුව රෝහලේදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පංච පුද්ගල අධිකරණ වෛද්‍යවරුන් කණ්ඩායමක් නම් කරනු ලැබ තිබුණා. මීගමුව රෝහලේ වෛද්‍ය සුජීව වික්‍රමනායක (සභාපති), පුත්තලම රෝහලේ වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, මුල්ලේරියාව රෝහලේ වෛද්‍ය සමන්ත විජේරත්න, වතුපිටිවල රෝහලේ වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ රාගම රෝහලේ වෛද්‍ය රමේෂ් අලගියවන්න එම වෛද්‍ය කමිටුවයි.
Latest News
ගල් පෙරළීමේ අවදානමක්: මහනුවර - කඩුගන්නාව මාර්ගය ගනේතැන්නෙන් තාවකාලිකව වසා දැමේ
Local
03 August 2026
යටියන්තොට - බුලත්කොහුපිටිය මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටී
Local
03 August 2026
හැටන් දික්ඔය පිටාර ගලයි - නිවාස රැසක් යට වෙයි
Local
03 August 2026
උඩුදුම්බර, පස්බාගේ, යටියන්තොට, අඹගමුව ඇතුළු ප්‍රදේශ රැසකට නායයෑමේ රතු අනතුරු ඇඟවීම්
Local
03 August 2026
කැලණි ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ
Local
03 August 2026
‘හරක් කටා’ට ලබාදුන් තීන්දුවට එරෙහිව නිතිපතිගෙන් අභියාචනයක්
Local
03 August 2026
යෝෂිතට වසන්ත කරන්නාගොඩට අධිචෝදනා
Local
03 August 2026
කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් රත්ගම වෙරළටත්
Local
03 August 2026
අරණායක සමුපකාර නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයට විශිෂ්ට ජයක්
Local
03 August 2026
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි - කැළණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළට
Local
03 August 2026