General03 August 2026

උඩුදුම්බර, පස්බාගේ, යටියන්තොට, අඹගමුව ඇතුළු ප්‍රදේශ රැසකට නායයෑමේ රතු අනතුරු ඇඟවීම්

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 04 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අද (03) මධ්‍යහ්න 12.00 සිට හෙට (04) වන දින මධ්‍යහ්න 12.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනු ඇති.

එහිදී, 3 වන මට්ටම - ඉවත් වීමේ රතු නිවේදන (Level 3 - Red Alert)

මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ,

කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට,

නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබෙනවා.

2 වන මට්ටම - අවධානයෙන් සිටීමේ අම්බර් නිවේදන (Level 2 - Amber Alert):

මහනුවර දිස්ත්‍රික්කය: දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විල

කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, දැරණියගල, බුලත්කොහුපිටිය සහ අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නුවරඑළිය

රත්නපුර දිස්ත්‍රික්කය: ඕපනායක, රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්,

1 වන මට්ටම - විමසිලිමත් වීමේ කහ නිවේදන (Level 1 - Yellow Watch):

කෑගල්ල දිස්ත්‍රික්කය: කෑගල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කය: හඟුරන්කෙත

රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නිකුත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes