General03 August 2026

යටියන්තොට - බුලත්කොහුපිටිය මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටී

කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ වී ඔය පිටාර ගැලීම හේතුවෙන් යටියන්තොට - බුලත්කොහුපිටිය මාර්ගයේ පරුස්සැල්ල බැම්ම පාලම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු පවසනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, වී ඔය පිටාර ගැලීම හේතුවෙන් පරුස්සැල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයකට ද ගංවතුර තර්ජන එල්ල වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes