ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ නිලධාරීන් පුහුණු කරන ප්‍රමුඛතම ආයතනයක් වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට (NIHS) වසර 100 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමන හෙට (10) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
එය, හෙට (10) පෙරවරු 7.30 ට කළුතර මහා නගර සභා පරිශ්‍රයෙන් ආරම්භ වීමට නියමිතව ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
කළුතර නගර වැසියන්, ව්‍යාපාරිකයන් සහ මඟීන් වෙත වැදගත් මහජන සෞඛ්‍ය පණිවිඩ හා උපදෙස් බෙදාහරිමින් ගමන් ගන්නා මෙම පාගමන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයෙන් අවසන් වේ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ වටිනාකම සහ එහි බලපෑම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, මහජනතාව වෙත වැදගත් මහජන සෞඛ්‍ය පණිවිඩ සන්නිවේදනය කිරීම සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වසර 100 ක් පුරා ඉටු කළ ඓතිහාසික මෙහෙවර ඇගයීමට ලක් කිරීම මෙම පා ගමනේ අරමුණ වෙනවා.
මෙම සුවිශේෂී පාගමන සඳහා ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හා ඒ යටතේ ඇති ආයතනවල කාර්ය මණ්ඩලය, වර්තමාන සිසුන්, ආදි විද්‍යාර්ථීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, කළුතර මහා නගර සභාවේ නියෝජිතයන්, ක්ෂේත්රයට අදාළ සංවිධාන සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.
1926 ජූලි 1 වැනිදා රොක්ෆෙලර් පදනමේ (Rockefeller Foundation) දායකත්වයෙන් ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය ලෙස කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ආරම්භ වුණා.
සියවසක් පුරා මෙරට සමස්ත ජනතාවගේම සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් සහ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරියන් ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්රයේ පෙරමුණේම සිටින සෞඛ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් මෙම ආයතනයෙන් බිහිකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Latest News
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්
Local
09 July 2026
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
Local
09 July 2026
"ලංකාවේ පළවෙනි වතාවට වතු කම්කරු වැටුප 400කින් වැඩිකළේ ජනපති අනුර.." - ඇමති සමන්ත
Local
09 July 2026
බීමතින් රිය පදවා අනතුරක් කිරීම - මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට 2500ක දඩයක්
Local
09 July 2026
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන්: 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්
Local
09 July 2026
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
Local
09 July 2026