මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන උස්වැටකෙයියාව සහ වත්තල ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු දේපල ක්‍රියාවිරහිත (තහනම්) කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබෙනවා.
ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින්.
පුබුදුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මෙම විමර්ශනය ආරම්භ කර තිබුණු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එහිදී සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකාරිය විසින් උස්වැටකෙයියාව, පුබුදුගම ලිපිනයේ පිහිටි පර්චස් 20ක ඉඩමක ඉදිකර ඇති රුපියල් කෝටි 05ක වටිනාකමකින් යුත් සුඛෝපභෝගී දෙමහල් නිවස මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් ඉදිකර ඇති බවයි.
මීට අමතරව ඇය විසින් වත්තල, නුගපේ, කුංජාවත්ත ලිපිනයේ පිහිටි පර්චස් 9.5ක ඉඩමක ඉදිකර ඇති රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා නිවස සහ කඩ කාමරය ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින්ම ඉදිකර ඇති බවට විමර්ශනවලදී තහවුරු වී ඇතැයි පෙලිසිය පවසනවා.
ඒ අනුව අදාල දේපල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එම දේපල ඊයේ (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමට (තහනම් කිරීමට) නියෝග නිකුත් කර තිබෙනවා.
මෙම වංචනික දේපලවල හිමිකාරිය වන සැකකාරිය මේ වන විට ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
Latest News
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්
Local
09 July 2026
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
Local
09 July 2026
"ලංකාවේ පළවෙනි වතාවට වතු කම්කරු වැටුප 400කින් වැඩිකළේ ජනපති අනුර.." - ඇමති සමන්ත
Local
09 July 2026
බීමතින් රිය පදවා අනතුරක් කිරීම - මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට 2500ක දඩයක්
Local
09 July 2026
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන්: 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්
Local
09 July 2026
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
Local
09 July 2026