General09 July 2026

වැලිමඩ රෝහල ළඟ කැළේ ගින්නක්

වැලිමඩ මුලික රෝහලට හා ප්‍රාදේශීය සභාවටට අයත් ඉඩම්වල අද (09) පස්වරුවේ ගින්නක් හටගෙන තිබුණා.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට උත්සාහ කළද පස්වරු 6:00ට පමණ ගින්න පැතිර යමින් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා මෙම ගින්න පැතිර යමින් පැවති බවද අප වාර්තාකරු පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes