ඉරානය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා නව සැලසුමක් සකස් කර ඇති බවට ඊශ්‍රායලය එක්සත් ජනපදය වෙත බුද්ධි තොරතුරු ලබා දී ඇති බව ආරංචි මාර්ග දෙකක් CNN පුවත් සේවයට පවසා ඇති බව එම පුවත් සේවය සඳහන් කරනවා.
දෙරට අතර ඇති කරගෙන තිබූ සටන් විරාම ගිවිසුම දැඩි අර්බුදයකට ලක්ව ඇති පසුබිමක මෙම තොරතුරු හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් වී ඇති බව සඳහන්.
ආරංචි මාර්ගයකට අනුව, මෙම අනතුරු ඇඟවීම ලැබී ඇත්තේ මේ සතියේදීයි.
තවත් ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත්තේ, ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුම් පිළිබඳව පසුගිය සති කිහිපය තුළ අමෙරිකානු බුද්ධි අංශ වෙත අඛණ්ඩව තොරතුරු ලැබෙමින් තිබූ නමුත්, ඊශ්‍රායලයෙන් ලැබුණු අනතුරු ඇඟවීම අලුත් එකක් වන අතර එය නිශ්චිත කුමන්ත්‍රණයකට අදාළ වන බවයි.
කෙසේ වෙතත්, අනෙකුත් අමෙරිකානු නිලධාරීන් අනුමාන කරන්නේ ඉරානයට එරෙහිව අමෙරිකානු මිලිටරි ක්‍රියාමාර්ග දැඩි කළ යුතුද යන්න පිළිබඳව ට්‍රම්ප් ගන්නා තීරණවලට බලපෑම් කිරීම සඳහා ඊශ්‍රායලය මෙම වාර්තාව ඉදිරිපත් කරන්නට ඇති බවයි.
ඊශ්‍රායලය අනතුරු ඇඟවූ මෙම කුමන්ත්රණයේ විස්තර මෙතෙක් පැහැදිලි වී නොමැති අතර, මෙම කරුණ පිළිබඳව දන්නා ආරංචි මාර්ග දෙකක් පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීමට පෙර අමෙරිකාව විසින් මේ පිළිබඳව සොයා බැලීමක් හෝ ස්වාධීනව තහවුරු කර ගැනීමක් කර නොතිබූ බවයි.
2020 වසරේදී ට්‍රම්ප්ගේ නියෝගය මත ඉරාන ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු වූ කාසෙම් සොලෙයිමානි ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඉරානය ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ හැකි බවට අමෙරිකානු රජය දිගු කලක සිට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Latest News
ජනපති පොදු සමාව දෙන හැටි වෙනස් කරන කමිටු වාර්තාව භාර දෙයි
Local
11 July 2026
'දිට්වා' කුණාටුවෙන් පසු පේරාදෙණිය - පිළිමතලාව අතර පළමු දුම්රිය ධාවනය කෙරේ
Local
11 July 2026
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න
Local
11 July 2026
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026
චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි
Local
11 July 2026
අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්
Local
11 July 2026
ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිරය හමුවේ කියුබාව පුරා සතියක් තුළ දෙවැනි වරටත් විදුලිය බිඳවැටෙයි
Local
11 July 2026
ඉරානය එක්ක සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
Local
11 July 2026