General10 July 2026

අලුත්වැඩියාවක් නිසා, මහනුවර - පේරාදෙණිය අතර, මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අද ප:ව:6 සිට සිට 13 අළුයම 4 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ

මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර සැතපුම් 02 දම්වැල් 52 ස්ථානයේ පිහිටි මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා තැබීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ද්විත්ව දුම්රිය මාර්ගයට සරිලන ආකාරයෙන් මෙම හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද (10) පස්වරු 06.00 සිට ලබන ජූලි 13 වනදා පෙරවරු 04.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇති.

ඒ අනුව ගැටඹේ - මහනුවර උඩ පාර සහ විලියම් ගොපල්ලව මාවත සම්බන්ධ කරන හරස් මාර්ගයේ මුල්ගම්පොල දුම්රිය හරස් මාර්ගය සම්පූර්න වශයෙන් වසා තැබෙනු ඇති.

ඒ අනුව මෙම කාල සීමාව තුළ රථ වාහන ධාවනයට තදබදය මගහරවා ගැනීමට සහ, එම කාල සීමාව තුළ ඇති විය හැකි අධික වාහන තදබදය මඟහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes