දිවයිනේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව තිබෙනවා.
මෙතෙක් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වූ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ගෙවුණු දිනයේදී ද දිවයින පුරා ඩෙංගු රෝගීන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී ඇති බවයි.
බස්නාහිර පළාත තුළ තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩි වශයෙන් සිදුවන අතර එම අගය 52.07%ක ප්‍රතිශතයක් බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය සඳහන් කළා.
එවන් පසුබිමක ගෙවුණු දිනය තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1030 ක්.
ඒ අනුව, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ගණන 66064 ක් වන අතර ජුලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 10, 685ක් බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය සදහන් කළා.
එසේම, එහි වැඩබලන අධ්යක්ෂ කපිල කන්නන්ගර කියා සිටියේ මේ වන විට රටපුරා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව ද 46 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, රුහුණ විශ්වවිද්‍යාල තුළ ද ඩෙංගු රෝගය වැළදුණු සිසුන් 50 දෙනෙකු වාර්තා වී ඇති බවත්, අද දිනය වනවිට පමණක් ඩෙංගු රෝගය වැළදුණු සිසුන් 6 දෙනෙකු වාර්තා වී ඇති බවත් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමිල් උදයන්ත කියා සිටියා.
කෙසේ වෙතත්, පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අද සිට ලබන 15 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කෙරෙන අතර මොරටුව විශ්ව විද්‍යාලය සහ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ද මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව අධි අවදානම් කලාපවල විශේෂ ඩෙංගු වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා.

Latest News
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026
ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා
Local
10 July 2026
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
Local
10 July 2026
ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරයි
Local
10 July 2026
අලුත්වැඩියාවක් නිසා, මහනුවර - පේරාදෙණිය අතර, මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අද ප:ව:6 සිට සිට 13 අළුයම 4 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ
Local
10 July 2026
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026