General10 July 2026

ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 14 වැනිදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළා.

සිද්ධියට අදාලව සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ ජුලි 13 වනදා සිට අගෝස්තු 2 යන කාල සීමාව තුළ සැකකරුට එරෙහිව පවතින විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි.

එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා අධිකරණයට පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් අල්ලස් ⁣කොමිසමේ විරෝධතාවයක් තිබේද නැද්ද යන්න සලකා බලා නියෝගය ලබා දෙන ලෙසයි.

ඒ අනුව නඩුව ලබන 14 යළි කැඳවිමට නියෝග කළා.

සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes