General10 July 2026

ප්‍රදේශ කිහිපයකට හෙට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට හෙට පස්වරු 02 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes