General11 July 2026

ගැටුමින් මීගමුව හිරගෙදරට වූ හානිය ගැන හොයන්න කමිටුවක්

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් එහි දේපළවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක කියා සිටියේ, මෙම කමිටුවට අමතරව ගැටුමට අදාළ විමර්ශන කටයුතු සඳහා දෙපාර්තමේන්තුව මගින් තවත් විමර්ශන කමිටුවක් පත් කර ඇති බවයි.

එමෙන්ම, මීගමුව බන්ධනාගාරයේ සිටින 600කට වැඩි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට යොමු කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බවද ඔහු සදහන් කළා.

මීගමුව බන්ධනාගර ගැටුමෙන් දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරින් 08 දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් වීම් සහ වන්දි ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, ඉන් 29 දෙනෙකුට දිවි අහිමි වුණා.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු වනවා.
Related recommendation
Hiru TV News | Programmes