මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මාරාන්තික ප්රචණ්ඩත්වය සහ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂකයින් විසින් රැඳවියන්ට එරෙහිව පළිගැනීම් සිදු කරන බවට ලැබෙන වාර්තා දැඩි කනස්සල්ලට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කරනවා.
ඝාතනයට ලක්වූ සහ තුවාල ලැබූ රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් යන දෙපාර්ශවයේම පවුල්වල සාමාජිකයින්ට සත්‍යය දැන ගැනීමට සහ වගවීම දැකීමට අයිතියක් ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ.
මෙම ප්රචණ්ඩත්වය මගින් ශ්‍රී ලංකාව තුළ රැඳවුම් භාරයේ තබා ගැනීමට අදාළ ව්‍යුහාත්මක ගැටලුවලට, විශේෂයෙන්ම දීර්ඝ කාලීන පූර්ව නඩු විභාග රැඳවුම් කාලසීමාවන්, අධික තදබදය සහ රැඳවුම් පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන තත්ත්වයන්ට කඩිනමින් විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කර බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සම්බන්ධයෙන් විශාල පිරිසක් රඳවා තබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිරගත කිරීමට වඩා සෞඛ්‍ය කේන්ද්‍රීය ප්‍රතිචාරයන්ගෙන් ප්රතිලාභ ලැබිය යුතු බව ද එහි සඳහන්.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශන පවත්වන බවට බලධාරීන් ලබා දී ඇති පොරොන්දුව පිළිගන්නා බවයි ඇය පවසන්නේ.
මීගමුව බන්ධනාගාරයට මෙන්ම අනෙකුත් සියලුම බන්ධනාගාරවලට, විශේෂයෙන්ම සිරකරුවන් මාරු කර යවන ලද සහ ඔවුන් වධහිංසාවලට හා අනෙකුත් අනිසි සැලකීම්වලට ලක් වූ බවට කියනු ලබන රැඳවුම් පහසුකම් වෙත, බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවසර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News
ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිරය හමුවේ කියුබාව පුරා සතියක් තුළ දෙවැනි වරටත් විදුලිය බිඳවැටෙයි
Local
11 July 2026
ඉරානය එක්ක සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
Local
11 July 2026
මෙරට බන්ධනාගාර ප්රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල
Local
11 July 2026
බොර තෙල් මිලේ සුළු අඩු වීමක්
Local
11 July 2026
ගැටුමින් මීගමුව හිරගෙදරට වූ හානිය ගැන හොයන්න කමිටුවක්
Local
11 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
11 July 2026
හෝමුස් ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බව ඉරානය ට්‍රම්ප්ගේ උපදේශකයින්ට කියයි
Local
11 July 2026
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
11 July 2026
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026