General11 July 2026

කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ අද (11) උදෑසන පක්ෂියෙකු ගැටුණා.

එසේ පක්ෂියෙකු ගැටුණු එම ගුවන් යානය මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම ගුවන්යානය හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුවයි මෙසේ ආරක්ෂිතව යළි කටුනායකට ගොඩ බස්වා ඇත්තේ.

මෙම යානයෙන් මගීන් 253 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes