General11 July 2026

'දිට්වා' කුණාටුවෙන් පසු පේරාදෙණිය - පිළිමතලාව අතර පළමු දුම්රිය ධාවනය කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් පසු අද (11) පළමු වරට දුම්රියක් පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයේ සිට පිළිමතලාව දක්වා ධාවනය කර තිබෙනවා.

මහනුවර දුම්රිය ස්ථානයේ සිට මහා මාර්ගය හරහා ප්‍රවාහනය කරන ලද දුම්රිය එන්ජිමක් සහ මැදිරි දෙකක් සහිත දුම්රියක් මෙසේ ධාවනය කෙරුණා.

මෙම දුම්රිය දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ දුම්රිය මාර්ග පිළිසකර කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ හා කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes