General11 July 2026

උඩගහපත්තුව සමූපකාර සමිතියේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ජන බලගවේගයට බලය හිමි රයිගම් උඩගහපත්තුවේ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ලිපියක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මේ වන විට සමිතිය දැඩි දේශපාලන මැදිහත් වීමකට ලක්ව සිටින බවයි ඔහු පවසන්නේ.

සමූපකාර නීති පිළිබඳව අවබෝධයක් නොමැති අය ඉදිරියේ රූකඩ ලෙස පෙනී සිටිමින් සභාපති ධූරය හෑල්ලුවට ලක් කිරීමට ඇති අකමැත්ත හේතුවෙන් ධූරයෙන් අස්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes