International12 July 2026

පකිස්ථානයේ ගුවන් ගමන් ගාස්තු ඉහළ යන ලකුණු

පෙට්‍රල් මිල ඉහළ දැමීමට සමගාමීව, පකිස්ථාන ෆෙඩරල් රජය විසින් ගුවන් යානා ඉන්ධන (Jet Fuel) ලීටරයක මිල රුපියල් 13.23 කින් ඉහළ දමා තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී එරට ගුවන් ගමන් ගාස්තු ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ෆෙඩරල් රජය නිකුත් කළ නිල නිවේදනයකට අනුව, මෙම මිල සංශෝධනයත් සමඟ ගුවන් යානා ඉන්ධන ලීටරයක නව මිල පකිස්ථාන රුපියල් 251.02 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෑතකදී සිදුකළ ඛනිජ තෙල් නිෂ්පාදන මිල ඉහළ දැමීම්වලින් පසුව මෙම තීරණය ගෙන ඇති අතර, මේ හේතුවෙන් එරට ක්‍රියාත්මක සියලුම ගුවන් සමාගම්වල මෙහෙයුම් පිරිවැය ඉහළ යාමට නියමිතයි.

ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ, මෙම ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පකිස්ථානයේ ජාතික ගුවන් සේවය වන 'පකිස්ථාන ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස්' (PIA) මෙන්ම අනෙකුත් පෞද්ගලික ගුවන් සමාගම්වල ද වියදම් අධික වනු ඇති බවයි.

එමෙන්ම, ගුවන් සමාගම්වලට දැරීමට සිදුවන මෙම අතිරේක පිරිවැය, ගුවන් ගමන් ගාස්තු ඉහළ දැමීම මඟින් සෘජුවම මගීන් වෙත පැටවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වනවා.
Related recommendation
Hiru TV News | Programmes