සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට, කැපුම් තුවාල සහිතව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන 88 හැවිරිදි සිවුදරු පියෙකුගේ සිරුරක් ඊයේ (11) රාත්‍රි සොයාගෙන ඇතැයි තංගල්ල පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බෙලිඅත්ත, සියඹලාගොඩ, දිගංවල, ප්‍රදේශයේ පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ ධනපාල නමැති අයෙක්.
සිය බිරිඳ සමඟ නිවසේ ජීවත්ව ඇති මෙම පුද්ගලයා ඊයේ (11) රාත්‍රි 8.00 ට පමණ නිවස ඉදිරිපිට පිහිටි ජල කරාමයක් ආසන්නයේ වැටී සිටියදී හමුවී ඇති බව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයාගේ සිරුරෙහි කැපුම් තුවාල කිහිපයක් තිබී ඇති අතර, ඔහු වැටී සිටි ස්ථානයේ සහ මුහුණෙහි රුධිරය තැවරී තිබූ බවයි පොලිසිය පවසන්නේ.
කිසියම් අයෙකු විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කරන අතර, සිද්ධියට සැකපිට මියගිය අයගේ බාල පුතු වන 48 හැවිරිදි පුද්ගලයෙක් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු වන මොහු ඊයේ (11 වැනිදා) උදෑසන 11.00 ට පමණ පියාගේ නිවසට පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු අධික ලෙස බීමත්ව සිටි බවද පොලිසිය සඳහන් කරනවා.
තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානය පිළිබඳ පරීක්‍ෂණ පවත්වා ඇති අතර, තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.
Latest News
වෙරළේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසු වූ 19 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
Local
12 July 2026
88 හැවිරිදි පියා කැපුම් තුවාල සහිතව මියයයි: විශ්‍රාමික නාවික සෙබළ පුත්‍රයා අත්අඩංගුවට
Local
12 July 2026
පකිස්ථානයේ ගුවන් ගමන් ගාස්තු ඉහළ යන ලකුණු
Local
12 July 2026
ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්
Local
12 July 2026
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026
මැදපෙරදිග දැඩි නොසන්සුන්තාවක්: කටාර් UAE සහ බහරේනයට එල්ල වූ ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ
Local
12 July 2026
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
Local
12 July 2026