General12 July 2026

ඒකාබද්ධ විරෝධතාවක් සඳහා නාමල්ගෙන් සජිත්ට ලිපියක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ එක්ව නැගී සිටිය යුතු බව අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ජූලි 07 දිනැතිවයි මෙම ලිපිය යොමු කර ඇත්තේ.

කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහි දක්වනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒකාබද්ධ විරෝධතාවක් ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ලිපියක් යොමු කරමින් නාමල් රාජපක්ෂ පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට රජයේ පාර්ශවයන් ගන්නා මෙම උත්සාහය මැඩපැවැත්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ එකට පෙළගැසීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බවයි.

රජයේ මෙම හදිසි ව්‍යවස්ථා සංශෝධන සූදානම මඟින් මව්බිමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව අදාළ ලිපියේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes