මදුරන්කුලිය විවිධ සේවා සමුපකාරයේ නිලවරණය සඳහා වූ ඡන්ද විමසීම ඊයේ (11) ප්‍රාදේශික කිහිපයක පැවැත්වුණු අතර, එහිදී කඩයමොට්ට ප්‍රාදේශිකයේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සතු කර ගත්තා.
ප්‍රාදේශික 17 කින් සමන්විත මදුරන්කුලිය විවිධ සේවා සමුපකාරය වසර 40 කට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට පාලනය කර තිබුණා.
මේ හමුවේ නව සභාපතිවරයෙකු ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයක් තෝරා ගැනීමට මෙවර ප්‍රාදේශික මට්ටමින් ඡන්ද විමසීම පැවැත්වුණා.
මෙහිදී ප්‍රාදේශික කිහිපයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ විපක්ෂ කණ්ඩායම් ලබා දී තිබූ නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබූ අතර, තවත් ප්‍රාදේශික කිහිපයක බහුතර බලය නිතරගයෙන්ම ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබුණා.
ඒ අනුව මදුරන්කුලිය, කඩයමොට්ට, වේලාසිය, කිවුල, නවඩන්කුලම සහ විරුතෝඩේ යන ප්‍රාදේශිකවල ඊයේ (11) ඡන්ද විමසීම පැවැත්වුණු අතර කඩයමොට්ට හැර සෙසු ප්‍රාදේශිකවල කටයුතු සාමකාමීව සිදු වුණා.
කෙසේ වෙතත්, පොදුජන පෙරමුණට බහුතර බලය හිමි කඩයමොට්ට ප්‍රාදේශිකයේ ඡන්ද විමසීම ආරම්භ වූ මොහොතේ සිටම ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තා.
එහිදී ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් බැන වැදී අසභ්‍ය ලෙස හැසිරී ඇති අතර, මාලිමාවේ තවත් ආධාරකරුවකුට පහරදීමක්ද සිදුව ඇතැයි වාර්තා වුණා.
තත්ත්වය පාලනය කිරීම සඳහා පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත 50 කට අධික පොලිස් බලඇණියක් සහ පොලිස් කැරලි මර්දන ඒකකයද සීරුවෙන් තැබීමට කටයුතු කර තිබුණා.
ඡන්ද විමසීම අවසානයේ කඩයමොට්ට ප්‍රාදේශිකයේ සභික ධුර 9 න් 8 ක්ම දිනා ගැනීමට පොදුජන පෙරමුණ සමත් වූ අතර ජාතික ජන බලවේගයට දිනාගත හැකි වූයේ එක් සභික ධුරයක් පමණි.
එහෙත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වලට මදුරන්කුලිය සමුපකාරයේ සෙසු ප්‍රාදේශිකවල බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.
අනෙකුත් ප්‍රාදේශිකවල බහුතර බලය ජාතික ජන බලවේගය සතු කරගෙන තිබීම හේතුවෙන්, ඉදිරියේදී මහ සභාව පිහිටුවීමේදී මදුරන්කුලිය සමුපකාරයේ සභාපති ධුරය මාලිමාවට ලබා ගැනීමට වැඩි ඉඩකඩක් ඇති බව ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජීත් ගිහාන් පැවසුවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායිකා චමරි පෙරේරා ප්‍රකාශ කළේ තමන් අනිවාර්යයෙන්ම මදුරන්කුලිය සමුපකාරයේ බලය අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
Latest News
මත්ද්‍රව්‍ය තොගයක් සමග වත්තලදී කතක් කොටු
Local
12 July 2026
ගුටිබැට ගැටුම් මැද මදුරන්කුලිය කඩයමොට්ට සමූපේ බලය පොහොට්ටුවට:
Local
12 July 2026
ඩෙංගු නිසා සති දෙකක් වසා තැබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි
Local
12 July 2026
ඒකාබද්ධ විරෝධතාවක් සඳහා නාමල්ගෙන් සජිත්ට ලිපියක්
Local
12 July 2026
වෙරළේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසු වූ 19 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
Local
12 July 2026
88 හැවිරිදි පියා කැපුම් තුවාල සහිතව මියයයි: විශ්‍රාමික නාවික සෙබළ පුත්‍රයා අත්අඩංගුවට
Local
12 July 2026
පකිස්ථානයේ ගුවන් ගමන් ගාස්තු ඉහළ යන ලකුණු
Local
12 July 2026
ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්
Local
12 July 2026
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026