General12 July 2026

මත්ද්‍රව්‍ය තොගයක් සමග වත්තලදී කතක් කොටු

රුපියල් මිලියන ගණනක් වටිනා අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ වත්තල ප්‍රදේශයේදී ඊයේ (11) කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරනවා.
 
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව වත්තල පොලිස් වසමේදී මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 140 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 538 ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes