General12 July 2026

2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට

ලබන 2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා සිදුකරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සැප්තැම්බර් 18 වැනිදා සිදු කිරීමට නියමිතයි.

මේ අනුව පළමුවර කියවීම ඔක්තෝබර් 07 වැනිදා සහ දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා සිදු කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes