General12 July 2026

ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර

පාසල් සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඩෙංගු උවදුරෙන් සිසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාසල තුළදී ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන පියවර දෙකක් ලෙස,

පාසල් වේලාව තුළදී සිසුන්ගේ සාමාන්‍ය පාසල් නිල ඇඳුමට අමතරව, අත් සහ කකුල් සම්පූර්ණයෙන්ම වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට සිසුන්ට අවසර ලබා දෙන ලෙස සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම, නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක (Mosquito Repellents) භාවිත කිරීම සඳහා සිසුන් දැනුවත් කරන ලෙස ද අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes