General13 July 2026

ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කරන්නේ තමන් ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි.

ඉන් එහි වූ ඉන්ධන ගබඩා සහ පතොරම්/යුධෝපකරණ ගබඩා පහසුකම් කිහිපයක ගින්නක් හටගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

මීට අමතරව, බහරේනයේ පිහිටි ෂෙයික් ඊසා ගුවන් කඳවුරේ පහසුකම් කිහිපයක් ද ඔවුන්ගේ ඉලක්ක බවට පත් වී ඇති අතර, එහිදී හෙලිකොප්ටර් නඩත්තු අංශ, P-8 වර්ගයේ ගුවන් යානයක් නවතා තිබූ ගුවන් යානා අංගනයක් සහ ඇමරිකානු මිලිටරි ඩ්‍රෝන මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානයක් වෙත ප්‍රහාර එල්ල වී තිබෙනවා.

#HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Related recommendation
Hiru TV News | Programmes