රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවකු ලබන 21 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (14) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කරනු ලැබුවා.
පුද්ගලික අලෙවි ආයතනයකට අයත් වෙළෙඳ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා මහනගර සභාවට ගෙවිය යුතු බදු මුදලට අදාල ලේඛන කඩිනමින් ලබාදීමේ පොරොන්දුව මත සැකකරුවන් රුපියල් 5,000ක අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
සිද්ධියට අදාල දෙවන සැකකරු ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබා දීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැමැත්ත පළ කළ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලා සිටියද සුවිශේෂී කරුණු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

Latest News
සිගරට් බදු බිලියන 25කට වඩා 2025 සිට ශ්‍රී ලංකාවට අහිමි වෙලා
Local
14 July 2026
‘ඇසිදිසි’ ජනමාධ්‍ය හා තාක්ෂණික ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ
Local
14 July 2026
හෙද හිඟයට පිළියමක්: විශ්‍රාම වයස අවුරුදු 02කින් දික් කරන්න - මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිගෙන් ඉල්ලයි
Local
14 July 2026
අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සළකා බලනවා - කැබිනට් ප්‍රකාශක
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
Local
14 July 2026
සලේගේ පෙත්සම 17 වැනිදාට කල් යයි
Local
14 July 2026
2027 බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Local
14 July 2026
බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි
Local
14 July 2026