General14 July 2026

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඉංජිනේරු එස්. එන්. බී. එම්. පද්මසිරි පත්කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ඒ. විජේසිංහ පසුගිය 09 වැනිදා සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙනුයි එම තනතුර පුරප්පාඩුවී ඇත්තේ.

එසේම එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ඉංජිනේරු එස්. එන්. බී. එම්. පද්මසිරි, අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes