රජය විසින් වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදී මිලදී ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමත් සමග මෙරට ගොවි ජනතාව මේ වන විට ඉතාමත් සතුටින් පසුවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරනවා.
සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය ජනගත කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් විධිමත්ව සිදු කිරීම වෙනුවෙන් රජය ඉතා ඉහළ ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවයි.
"අපි 2025 වසරට වඩා රුපියල් මිලියන 10,000ක් වැඩියෙන් 2026 වර්ෂය සඳහා වෙන් කරලා තියෙන්නේ. තවම ගොයම් කැපීම පවා සම්පූර්ණයෙන් ආරම්භ වෙලා නැහැ. මෙවැනි පසුබිමක ගොවියෝ අසතුටින් ඉන්නවා කියලා කවුරුහරි කියනවා නම්, ඒ ගොවියෝ කියලා පෙනී සිටින්නේ වෙන කවුරුන් හෝ විය යුතුයි. හැබැයි සැබෑ ගොවියෝ දැන් ඉන්නේ ඉතාමත් සතුටින්..."
එමෙන්ම, රජය සක්‍රීය ලෙස වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීම හේතුවෙන් පෞද්ගලික අංශයට ද සිය වී මිලදී ගැනීමේ මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පසුගිය දින කිහිපය ඇතුළත පෞද්ගලික අංශය විසින් ද වී මිලදී ගැනීමේ මිල රුපියල් 112 දක්වා ඉහළ නංවා ඇති බවත්, මේ හරහා ගොවීන්ට සිය අස්වැන්න සඳහා ඉහළම ප්‍රතිලාභයක් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇති බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
හෙද හිඟයට පිළියමක්: විශ්‍රාම වයස අවුරුදු 02කින් දික් කරන්න - මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිගෙන් ඉල්ලයි
Local
14 July 2026
අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සළකා බලනවා - කැබිනට් ප්‍රකාශක
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
Local
14 July 2026
සලේගේ පෙත්සම 17 වැනිදාට කල් යයි
Local
14 July 2026
2027 බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Local
14 July 2026
බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි
Local
14 July 2026
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
Local
14 July 2026
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවාගේ සිරුර ආග්රාඔයෙන් හමුවේ
Local
14 July 2026