මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම මෙන්ම රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සැළසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.
ඒ අනුව, මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙල යටතේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර 228 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය කිරීම ජූලි 16 වන දින පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
සෞඛ්‍ය ක්ෂේත්රයේ දීර්ඝ කාලයකට පසු පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමේ අරමුණින්, බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම ලෙස පුද්ගලයින් 627 දෙනෙකු සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 04 වැනිදා පත්වීම් ප්රදානය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඉතිරි සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් කාණ්ඩ කිහිපයක් යටතේ ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, ඒ අනුව ලබන ජූලි 18 වන දින සෞඛ්‍ය කාර්ය සහායකයින් 600 කට සහ අගෝස්තු 01 වන දින තවත් සෞඛ්‍ය කාර්ය සහායකයින් 762 කට පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මීට අමතරව, ඉදිරි දෙසතිය තුළ ඩෙංගු මර්දන සහායකයින් 295 දෙනෙකු සහ සුළු සේවා පාලක වෘත්තිකයින් 121 දෙනෙකු සඳහා වන පත්වීම් ප්රදානය කිරීමටද කටයුතු සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව ඉදිරි දෙසතිය තුළ පත්වීම් ලබන සමස්ත සෞඛ්‍ය කාර්ය සහායක, ඩෙංගු මර්දන සහායක සහ නිරීක්ෂක වෘත්තිකයින් සංඛ්‍යාව 1,778 ක් බව එම අමාත්‍යාංශය පවසනවා.
Latest News
කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
Local
14 July 2026
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
Local
14 July 2026
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
ශ්‍රී ලංකා – ඉන්දියානු මාධ්‍ය සහයෝගීතාවේ නව මානයක් සනිටුහන් කරමින් “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පැවැත්වෙයි
Local
14 July 2026
37 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය සාර්ථකව නිමවෙයි - මනුත් සහ ඉෆ්රා ප්‍රධාන ශූරතා දිනාගනිති
Local
14 July 2026
ඡන්ද තියන්න සල්ලි නැති කතාවට ටිල්වින්ට නලින්දගෙන් අදත් සැර ප්‍රහාරයක්!
Local
14 July 2026
සැරයන්ට සහ පීසීට පහර දුන් OICට අත්හිටවූ සිර දඬුවමක්
Local
14 July 2026
නිවෙසක් තුළ අඩි 20ක් ගැඹුරට නිධානයක් හෑරූ කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේ
Local
14 July 2026
පැය 24ක් යන්නත් පෙර බොරතෙල් මිල තවත් ඉහළට
Local
14 July 2026