පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත් වීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.
කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය දිනෙක ප්‍රකාශකර සිටියේ දිට්වා ආපදාව හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.
එමෙන්ම ඡන්දය සඳහා වෙන් කර ඇති මුදල් දිට්වා ආපදාවන් සඳහා වියදම් කළ බවයි ලේකම්වරයා එහිදී පවසා සිටියේ.
කෙසේ වෙතත් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත් වීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.
කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය දිනෙක ප්‍රකාශකර සිටියේ දිට්වා ආපදාව හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.
එමෙන්ම ඡන්දය සඳහා වෙන් කර ඇති මුදල් දිට්වා ආපදාවන් සඳහා වියදම් කළ බවයි ලේකම්වරයා එහිදී පවසා සිටියේ.
කෙසේ වෙතත් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
''පළාත් සභා මැතිවරණට ඉක්මනින් පැවැත්වීම තමයි රජයේ බලාපොරොත්තුව. අපිටත් පළාත් සභා අවශ්‍යයි. පළාත් සභා දැන් උදාහරණයක් ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යංශය නම් මම එනකොට අපිට තිබුණේ සෞඛ්‍ය අමාත්‍යංශ අයිති මධ්‍යම රජයට අයිතිය ආයතන 61යි. බොහෝ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් මම කලිනුත් කියලා තියෙනවා. පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීම තමයි අපේ බලාපොරොත්තුව. හැබැයි ඡන්දය කියලා කියන්නේ ජනතා අභිලාය ප්‍රකාශයට පත්වෙන අවස්ථාවක්.
එතකොට මේ රටේ ජනතාව මීට වසර ගණනාවකට කලින් ඉඳලා මනාප ක්‍රමය නැති, තමන්ගේ කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් එන, ඡන්ද ක්‍රමයක් පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන හිටියා.
ඒකට අදාළව ඡන්ද ක්‍රමයක් පළත් සඳහා සකස් වුණා. ඊට කලින් පළාත් පාලන මැතිවරණය සඳහා වසර ගණනාවක් උත්සාහ කරලා තමන්ගේ කොට්ඨාසට මන්ත්‍රීවරයෙක් ලැබෙන මනාප වලින් තොර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ අනුව ඡන්දය පැවැත්තුවා. දැන් 2018 සහ 2025 දී මේ රටේ ජනතාවට පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුත් කරපු නිසා දැක බලාගන්න පුළුවන් තමන් කොට්ඨාසයට මන්ත්‍රීවරෙක් ඉන්නවයි කියන එක.
ඒ වගේම කලින් ඡන්ද වල තිබුණු අර මනාප පොරය මොකක්වත්ම නැහැ. ඒ වගේම අර මුදල් වියදම් කිරීම ප්රාදේශය මට්ටමේදී සැලකිය යුතු මට්ටමට අඩු වෙලා තිබෙන්නේ. ඊට අමතර වශයෙන් කාන්තා නියෝජනයක් සහතික වෙලා තිබෙනවා. ඉතින් ඒ පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරලා ලද ඡන්ද ක්රමයම දිගුවක් හැටියට පළාත් සභා සඳහා අලුත් ඡන්ද ක්‍රමයක් යෝජනා වුණා. මනාපවලින් තොර කොට්ඨාසර මන්ත්‍රීවරයෙක් ලැබෙන සහ කාන්තා නියෝජනයත් සහතික වෙන. එතකොට ඒ ඉල්ලීම ජනතාවගේ අභිලාශ පසෙක තිබියද. ඒක සම්පූර්ණයෙන්ම මම අමතක කරලා අලුත් ඡන්ද ක්‍රමයක් හදන්න බැරි වෙයි. ඉතින් කොහොම වුනත් අපි ඒ කටයුතු භාර දීලා තියෙනවා පාර්ලිමේතු කමිටුවකට ඒක රැස් වෙනවා.
ඒ අනුව ඒ පාර්ලිමේතු කමිටුව විසින් මනාපවලින් තොර තමන්ගේ කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් සහතික වෙන කාන්තා නියෝජනය තහවුරු වෙන ඡන්ද ක්‍රමයක් ඉදිරිපත් කරහම ඒ අනුව සීමා නිර්ණය කටයුතු කරලා පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම තමයි රජයේ බලාපොරොත්තුව.''
Latest News
37 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය සාර්ථකව නිමවෙයි - මනුත් සහ ඉෆ්රා ප්‍රධාන ශූරතා දිනාගනිති
Local
14 July 2026
ඡන්ද තියන්න සල්ලි නැති කතාවට ටිල්වින්ට නලින්දගෙන් අදත් සැර ප්‍රහාරයක්!
Local
14 July 2026
සැරයන්ට සහ පීසීට පහර දුන් OICට අත්හිටවූ සිර දඬුවමක්
Local
14 July 2026
නිවෙසක් තුළ අඩි 20ක් ගැඹුරට නිධානයක් හෑරූ කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේ
Local
14 July 2026
පැය 24ක් යන්නත් පෙර බොරතෙල් මිල තවත් ඉහළට
Local
14 July 2026
ගම්පහ ඔස්මන්ගේ පුත්‍රයා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්න CCD අධ්‍යක්ෂකවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියම කරයි
Local
14 July 2026
අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ චීන ජාතිකයින් 19 දෙනාට එරෙහිව පැමිණිලි ගොනු කරන්න නියෝග
Local
14 July 2026
සිගරට් බදු බිලියන 25කට වඩා 2025 සිට ශ්‍රී ලංකාවට අහිමි වෙලා
Local
14 July 2026
"කටුවැල්ලේගම සුරේෂ්" ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කිරීමෙන් මීගමු බන්ධනාගාර ගැටුම ඇවිළිලා - CIDය අධිකරණයට කියයි
Local
14 July 2026
‘ඇසිදිසි’ ජනමාධ්‍ය හා තාක්ෂණික ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ
Local
14 July 2026