වෛද්‍ය නිවාඩු ලබාගැනීම හෝ ආබාධිත තත්ත්වයන් හේතුවෙන් තමන්ව ඉලක්ක කර ගනිමින් කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් හරහා රැකියාවලින් ඉවත් කිරීමට 'මෙටා' (Meta Platforms) සමාගම ගෙන ඇති තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා සේවකයන් 26 දෙනෙකු ඉදිරිපත් කළ ඉල්ලීමක් අමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව, ලබන ජූලි 22 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම සේවක කප්පාදුව නැවැත්වීමට කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් දිස්ත්‍රික් විනිසුරු විලියම් ඔරික් (William Orrick) පියවර නොගත් අතර, මෙම නීතිමය ගැටලුවේ මූලික කරුණු පෞද්ගලික බේරුම්කරණ (Private Arbitration) ක්‍රියාවලියක් හරහා විසඳාගත යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
නඩු පවරන ලද සේවකයින් පෙන්වා දෙන්නේ මෙටා සමාගම විසින් සේවකයන්ගේ ඵලදායිතාව සහ සන්නිවේදනය නිරීක්ෂණය කිරීම සඳහා 'Metamate' වැනි මහා පරිමාණ භාෂා ආකෘති (LLM) සහ අභ්‍යන්තර AI පද්ධති භාවිත කර ඇති බවයි.
මෙම පද්ධති මගින් සේවකයන්ගේ යතුරුපුවරු හැසිරවීම් (keystrokes), තිරයේ අන්තර්ගතයන්, විද්‍යුත් තැපෑල සහ බ්‍රවුසින් ඉතිහාසය ස්කෑන් කර ඵලදායිතා ලකුණු ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, සේවකයන් නිවාඩු ලබා සිටි කාලය තුළ මෙම AI පද්ධති ක්‍රියාත්මක වීම නතර කර නොමැති බැවින්, නීත්‍යානුකූල වෛද්‍ය නිවාඩු හෝ ප්‍රසූත නිවාඩු ලබා සිටි සේවකයන්ගේ ලකුණු මට්ටම් පහළ වැටී ඇති අතර, එමඟින් ඔවුන්ව රැකියාවෙන් ඉවත් කිරීමේ ලැයිස්තුවට ඇතුළත් වී ඇති බවට ඔවුහු චෝදනා කරනවා.
මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන මෙටා සමාගම ප්‍රකාශ කර ඇත්තේ සේවකයන් ඉවත් කිරීමේ තීරණ ගනු ලැබුවේ කෘත්‍රිම බුද්ධිය මගින් නොව මිනිසුන් විසින්ම බවයි.
මෙටා සමාගම සිය AI ආයෝජන දෙගුණ කිරීමේ අරමුණින් පසුගිය මැයි මාසයේදී තම ගෝලීය ශ්‍රම බලකායෙන් 10%ක්, එනම් සේවකයන් 8,000කට ආසන්න පිරිසක් ඉවත් කරන බව නිවේදනය කර තිබෙනවා.
ප්‍රධාන පෙළේ අමෙරිකානු සමාගමක් විසින් සේවකයන් ඉවත් කිරීම සඳහා AI තාක්ෂණය භාවිත කළ බවට එල්ල වූ චෝදනා මත ගොනු කෙරුණු පළමු නඩුව මෙය ලෙස ද සැලකෙනවා.
විනිසුරු ඔරික් ප්‍රකාශ කළේ සේවකයන්ට රැකියා අහිමි වීම සම්බන්ධයෙන් හදිසි තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් "නොවැළැක්විය හැකි දැඩි හානියක්" සිදුවන බව පෙන්වීමට පැමිණිලිකරුවන් අපොහොසත් වී ඇති බවයි.
කෙසේ වෙතත්, සේවක කප්පාදුව සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කළේ කෙසේද යන්න පිළිබඳව ඉදිරියේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන අමතර සාක්ෂි මත පදනම්ව මෙම තීරණය නැවත සලකා බැලීමට ඉඩ ඇති බවද විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.
වෘත්තීය ආරවුල් අධිකරණයෙන් පිටත බේරුම්කරණයකට යොමු කළ යුතු බවට වන සමාගම් ගිවිසුම් හේතුවෙන් මෙම නඩුවේ ඉදිරි කටයුතු පෞද්ගලිකව විසඳා ගැනීමට දෙපාර්ශවයට සිදුවනු ඇති.

Latest News
හිටපු පොලිස්පති සී.ඩීගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන: ගිනි අවිය රස පරීක්ෂක වෙත
Local
18 July 2026
සහල් මිල පාලනය කළා... අපි එනකොට කිලෝව 280යි.. දැන් 220යි.. - වෙළෙඳ ඇමති වසන්ත
Local
18 July 2026
නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්
Local
18 July 2026
AI තාක්ෂණයෙන් මෙටා සමාගමේ සේවකයින් ඉවත් කළ බවට එරෙහි නඩුව විසිවෙයි
Local
18 July 2026
ඩෙංගු මරණ 53 දක්වා ඉහළට: රෝගීන් 74,447ක්
Local
18 July 2026
නීති විරෝධීව සැකසූ යතුරුපැදි 16ක් සමග 16 දෙනෙකු හෝමාගමදී කොටු වෙති
Local
18 July 2026
අමෙරිකාවේ 250 වන නිදහස් සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා - අමෙරිකා සබඳතා ඇතුළත් සමරු ග්‍රන්ථයේ ප්‍රථම පිටපත අමෙරිකානු රාජ්‍ය ලේකම්වරියට
Local
18 July 2026
දකුණු නෝර්වේ ගින්නකින් නිවාස 100කට හානි
Local
18 July 2026
වෘත්තිය අධ්‍යාපනයට අයවැයෙන් ප්‍රතිපාදන - ජනපති
Local
18 July 2026
ඉන්දියාවෙන් ඓතිහාසික අභ්‍යවකාශ පෙරළියක්! පුද්ගලික අංශයේ ප්‍රථම රොකට්ටුව 'වික්‍රම්-1' අද කක්ෂගත කෙරේ
Local
18 July 2026