International20 July 2026

ජපානයටත් උණුසුම ගැන අනතුරු ඇඟවීමක්

ජපානයේ ඊසාන දිග ටොහෝකු ප්‍රදේශයේ සිට නිරිත දිග කියුෂු දක්වා ප්‍රදේශයට අද (20) දැඩි උණුසුම් කාලගුණයක තත්ත්වයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බව ජපන් කාලගුණ බලධාරීන් පවසනවා.

උණුසුම් තත්ත්වය හේතුවෙන් ජනතාවට ඇති විය හැකි තාප ආඝාතය වළක්වා ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස එරට කාලගුණ අංශ අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම එරට ප්‍රාන්ත 47 කින් ප්‍රාන්ත 39 ක් සඳහා තාප ආඝාත අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද සඳහන්.

මෙම තත්ත්වය සතිය පුරාම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ටෝකායි සහ අනෙකුත් ප්‍රදේශවල උෂ්ණත්වය එළඹෙන බ්‍රහස්පතින්දා වන විට සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවද අපේක්ෂා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes