කොස්ගොඩ, ගනේගොඩැල්ල ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ බෝර 12 වර්ගයේ 'ෂොට් කටස්' ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (20) දින සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස සහ ගිනි අවි සොයාගෙන ඇතැයි ද එම බලකාය සඳහන් කරනවා.
අදාල ඉඩමේ සඟවා තිබියදී සොයාගත් නීති විරෝධී භාණ්ඩ අතර බෝර 12 ෂොට් කටස් ගිනි අවියක්, ජීව අත්බෝම්බයක්, T-56 අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 07ක් සහ මිලිමීටර් 9 වර්ගයේ හිස් උණ්ඩ කොපුවක් තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ, නාපේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 සහ 32 පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් පතොරම් ඇතුළු භාණ්ඩ කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
Latest News
කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 62.37කින් පහළට
Local
21 July 2026
ඉන්දියාවේ විදුලිබල ව්‍යාපෘති උමගක පිපිරීමක්: 10ක් මියගොස් පිරිසක් සිරවෙලා
Local
21 July 2026
හෝමාගම කම්පා කළ බිහිසුණු ගින්නේ සංවේදී කතා රැසක් එළියට
Local
21 July 2026
හෙටත් සුළගේ වේගය ඉහළට
Local
21 July 2026
කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
21 July 2026
රජය වී මෙට්‍රික් ටොන් 1910ක් මිලදීගෙන
Local
21 July 2026
දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසල් සහ ආපනශාලා 112ක් වටලයි
Local
21 July 2026
වැසි පතා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි ගම්වාසීන් විසින් පවත්වන ලද ගෙඹි විවාහය
Local
21 July 2026
පුවක් සහ දුම්කොළ භාවිතයෙන් දිනකට තිදෙනෙක් මියයයි – විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක
Local
21 July 2026
එල් නිනෝ විශේෂ කැබිනට් අනුකමිටුව රැස්වෙයි
Local
21 July 2026