79% ක් දක්වා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව, ශ්‍රී ලංකාවේ පළමු 'Canal-Top Solar' (ඇළ මාර්ගයක් මත ඉදිවන සූර්ය බලශක්ති) ව්‍යාපෘතිය මහියංගණය වියානා ඇළ ආශ්‍රිතව ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබෙනවා.
කිලෝමීටර් 20කට අධික දිගකින් යුත් වියානා ඇළ ප්‍රදේශය වසර පුරා නොකඩවා හොඳින් සූර්යාලෝකය ලබන භූගෝලීය කලාපයක පිහිටා තිබීම නිසා ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු බලශක්ති ධාරිතාවක් එකතු කිරීමට විශාල හැකියාවක් පවතිනවා.
අමතර භූමියක් නාස්ති නොකර සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් ජල වාෂ්පීභවනය අවම කරගැනීමට මෙන්ම අධික උණුසුම් කාලගුණ තත්ත්වයන්හිදී ජලයේ උෂ්ණත්වය පාලනය කරගැනීමට ද හැකි වෙනවා.
මීට අමතරව, සුදුසු ආරක්ෂක සැලසුම් සහ ආරක්ෂිත විදුලි අලි වැටක් ඉදිකිරීම හරහා වන අලින් නිතර වියානා ඇළට වැටී අනතුරුවලට ලක්වීමේ පවතින දැඩි අවදානම අවම කිරීමට ද පියවර ගැනෙනවා.
එමෙන්ම අනාගතයේදී 'Green Hydrogen' (හරිත හයිඩ්රජන්) වැනි නව්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහා ද මෙය ඉතා යෝග්‍ය පදනමක් නිර්මාණය කරනු ඇති.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය Canal-Top Solar සංකල්පයේ ලෝක පුරෝගාමියා වූවා සේම, මහියංගණයේ වියානා ඇළ හරහා පිරිසිදු විදුලිය නිපදවන, ජලය සංරක්ෂණය කරන සහ වන අලින් ආරක්ෂා කරන ජාතික ආදර්ශමත් ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ප්‍රතිපත්තියට නව දිශානතියක් ලබාදීමට මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

Latest News
ඉන්දු - අමෙරිකානු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක්!
Local
23 July 2026
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
Local
23 July 2026
පාසල්වල 2වන වාරය අවසන් වන සහ 3වන වාරය ආරම්භ වන දින ප්‍රකාශයට පත් කෙරේ
Local
23 July 2026
දැඩි කළ ආරක්ෂාව මැද, දෙවුන්දර පෙරහර ඇරඹේ: පොලිසියේ 650 ක් සහ STF සියයක් කැඳවයි
Local
23 July 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කරයි
Local
23 July 2026
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් අතර ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වයි
Local
23 July 2026
දෙමටගොඩදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට
Local
23 July 2026
මීගමුව සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට
Local
23 July 2026
පෝට් සිටියේ චීන ජාතිකයන් අතර ගැටුමක් : එක් අයෙක් පැහැරගෙන ගිහින්
Local
23 July 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23 කට නඩු
Local
23 July 2026