General23 July 2026

"බංකු බංකු කියනවා විපක්ෂය අතුගාලා දානවලු.. ඔයාලට වැරදිලා.." - නාමල් රාජපක්ෂ

විපක්ෂය අතුගා දැමීමට රජය සිතනවානම් එය වැරදීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජන හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ,

"නියෝජ්‍ය ඇමතිවරයා කියනවා.. අර බංකු බංකු කියනවා.. විපක්ෂය අතුගාලා ඉවරයිලු. ඉතුරුවෙලා තියෙන ටිකත් අපි අතුගාලා දානවලු..

මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන කතාවක්. ඒ මර්දනය කිරීමේ උවමනාවටද ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දිග් කරන්න උනන්දු වෙන්නේ. පැහැදිලිවම ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට මේ රටේ අධිකරණ පද්ධතිය පාවිච්චි කරන්න.

ආණ්ඩුව හිතනවා නම් මර්දනය කරලා. බය කරලා, හිරගෙදර පෙන්වලා, අතුගාලා දාලා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ඉටුකරගන්න පුළුවන් කියලා.. අනේ ජනාධිපතිතුමා ඔයාට වැරදිලා"
Related recommendation
Hiru TV News | Programmes