අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැති විරෝධතාවයකට සහය පළ කිරීමට පැමිණි ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනී අයේෂා ඛාන් (Ayesha Khan) මුම්බායි පොලිසිය විසින් රඳවාගෙන නිදහස් කර තිබෙනවා.
'ධුරන්ධර්' (Dhurandhar) චිත්‍රපටයේ 'ෂරාජ්' (Shararat) ගීතය හරහා ඉහළ ජනප්‍රියත්වයක් ලැබූ ඇය, මුම්බායි හි දාදර් ප්රදේශයේදීයි මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ.
ශිෂ්‍ය විරෝධතාවලට සහය පළ කිරීම සඳහා තමන් සහ මිතුරන් පිරිසක් පාර අසල සාමකාමීව රැඳී සිටි බවත්, කිසිදු පුවරුවක් ප්‍රදර්ශනය කිරීමක් සිදු නොකළ බවත් ඇය පවසනවා.
කෙසේ වෙතත්, කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පැමිණ තමන්ව සහ මිතුරන්ව කිසිදු හේතුවක් නොදන්වා බලහත්කාරයෙන් පොලිස් රථයකට පටවාගෙන ගිය බවට ඇය චෝදනා කරනවා.
පොලිස් රථය තුළ සිට සහ පසුව වෝර්ලි (Worli) පොලිස් ස්ථානයේ සිට ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඔස්සේ වීඩියෝ පට කිහිපයක් නිකුත් කරමින් අයේෂා සඳහන් කළේ, තමන් කිසිදු නීතියක් කඩ නොකළ බවත්, පාරේ සාමකාමීව සිටීම පවා වරදක් වූයේ කෙසේදැයි තමන් ප්‍රශ්න කළද පොලිසියෙන් කිසිදු පිළිතුරක් නොලැබුණු බවත්.
පැය 3කට ආසන්න කාලයක් පොලිස් භාරයේ තබාගැනීමෙන් පසුව ඇයව නිදහස් කර ඇති අතර, පොලිස් ස්ථානයේ සිටි නිලධාරීන් ගෞරවාන්විතව කතාබහ කළද, විරෝධතාව පැවැති ස්ථානයේදී පොලිසිය හැසිරුණු ආකාරය පිළිබඳව ඇය දැඩි ලෙස කනගාටුව පළ කර තිබෙනවා.

Latest News
23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද ඇරඹේ
Local
23 July 2026
ගල්ෆ්හි CIA මධ්‍යස්ථානවලට එල්ල වූ ඉරාන ප්‍රහාර පිටුපස රුසියාව සිටීද? - අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
23 July 2026
Tesla සහ SpaceX ඒකාබද්ධ වීමේ කතාව මස්ක් නැවතත් අලුත් කරයි
Local
23 July 2026
උසස් පෙළ කල් දමන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
23 July 2026
මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්
Local
23 July 2026
අමෙරිකාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් එල්ල කරයි
Local
23 July 2026
අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළට
Local
23 July 2026
දෙවුන්දර නිවසට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය දික්වැල්ලෙන් හමුවෙයි
Local
23 July 2026
පැලවත්තේ ඩෙංගු සොයන්න ගිය PHIලාට ගිනි අවියක් හමුවෙයි
Local
23 July 2026
යේමනයේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමේ තර්ජන හමුවේ රතු මුහුදේ සවුදි තෙල් නැව් ආපසු හැරෙයි: ලෝක තෙල් සැපයුමට නව තර්ජනයක්
Local
23 July 2026