General23 July 2026

උසස් පෙළ කල් දමන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළා.

අදාල පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම වසරේ අපොස උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes