General23 July 2026

මීගමුව සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට

මීගමුව බන්ධනාගාර තුළ පසුගියදා ඇති වු සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් 17 දෙනෙකු වෙඩි වැදී මිය ගොස් ඇති බවත්, 11 දෙනෙකු මොට ආයුධ වලින් සිදුකළ පහර දිම් වලින් මිය ගොස් ඇති බවත්, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අද විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ මීගමුව අධිකරණ වෛද්‍ය නිලාධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබු එම වාර්තා විවෘත අධිකරණය හමුවේ කියවා දෙමින්.

මහේස්ත්‍රාත්වරිය ඒ බව සඳහන් කිරීමට පෙර ප්‍රකාශ කළේ මේ අකාරයේ නඩුවකදී මරණ පරික්ෂණය සම්බන්ධයෙන් බලය ඇත්තේ අධිකරණයට බවයි.

අධිකරණය ස්වාධීන බවත්, පොලිසිය යනු අධිකරණය නොවන බවත් ඇය සදහන් කළා.

ඒ අනුව මරන පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ.

නඩුව මේ වන විට අද පස්වරු 3.30. දක්වා කල් තබා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes