General26 July 2026

තහනම් දුම්වැටි එක්ක මැලේසියානුවෙක් කොටුවෙයි

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි 36,200ක තොගයක් සමග මැලේසියානු ජාතිකයෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක රථගාලකදී ඊයේ (25) පස්වරුවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි අයෙක්.

සැකකරු සතුව තිබූ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes