General26 July 2026

ඩෙංගු රෝගීන් 81,000 පනී

වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ අතර සිදුව ඇති ඩෙංගු මරණ ගණන 61ක්.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම ජූලි මාසයේ බවයි සඳහන්.

ඒ අනුව මේ මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 26,136ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය ජුනි මාසයේ හා ජූලි මාසයේ මේ දක්වා පමණක් රෝගීන් 47,670ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා.

මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම ගණන 43,132ක්.

මේ වන විට ඩෙංගු අධි අවධානම් කලාප 175ක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes