බීමතින් මෝටර් රියක් පදවා යතුරුපැදියක ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනක් අනතුරට ලක් කළැයි කියන සිද්ධියකට අදාලව හෝමාගම කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්.
මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ පසුපැදිකාරිය මේ වන විට හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි පොලිසිය පැවසුවේ.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා අද (26) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇති මෙම සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීගොඩ වටරැක 20 කණුව ආසන්නයේදී ඊයේ (25) රාත්‍රී 11.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනකු හප්පා මෙම අනතුර සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
පසුව මීගොඩ පොලිසිය විසින් සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදු කළ පරීක්ෂාවකදී ඔහු බීමතින් සිට ඇති බවට හෙළිව ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
Latest News
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026
ගාසාවේ මරණ සංඛ්‍යාව 73,000 පනී: නිවාසවලින් 90%කටම හානි
Local
27 July 2026
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රාජ්‍ය ප්‍රතිඥාවක්
Local
27 July 2026