දෙහිවල සුසාන භූමියේ මුරකරුට වෙඩි තබා තුවාල සිදුකිරීම සහ ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ
කළ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් දෙහිවල සුසාන භූමියේ මුරකරුට වෙඩි තබා තිබුණේ පසුගිය 19 වැනිදායි.
වෙඩි වැදීමෙන් මුරකරු තුවාල ලැබූ අතර පසුව අනාවරණ වුණේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සැන්ඩෝ නමැත්තාගේ පියා බවටයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්මල්ලිගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට ද පොලිසිය කරුණු
අනාවරණ කර ගත්තා.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව සුසාන භූමියේ මුරකරුට වෙඩි තැබීම සඳහා
වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා එම කොට්ඨාසය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගත්තා.
පසුගිය 21 වැනිදා ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම පුද්ගලයායි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අවිශ්ක නමැත්තා විසින්
තමන්ව මෙහෙයවූ බවයි.
එමෙන්ම අපරාධය සඳහා වෙඩික්කරුවන් රැගෙන යාමට තමන්ට රුපියල් ලක්ෂ 2ක මුදලක් බඩෝවිට අවිශ්ක විසින් ලබාදුන් බවට ද සැකකරු විසින් පාපොච්චාරණය කර තිබෙනවා.
අදාළ වෙඩි තැබීම් සිද්ධි දෙකේම තමන් පැදිකරු ලෙස කටයුතු කළ ද වෙඩි තැබීම කළේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් බවයි සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත්
ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය 19 වනදා උදෑසන, බඩෝවිට අවිශ්ක නමැත්තා විසින් දුරකථන ඇමතුමක් ලබාදී සැන්ඩෝ නමැත්තාගේ පියාට වෙඩි තැබීමට සූදානම්වන ලෙස පැවසු බවත් ඒ
අනුව තමන් බෙල්ලන්විල, ඇවිදින මංතීරුව අසලින් යතුරුපැදිය සහ වෙඩික්කරු ද රැගෙන අපරාධය සිදුකිරීමට කටයුතු කළ බවත් ඔහු පවසා තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් බස්සවා යතුරුපැදිය 120 කැස්බෑව මාර්ගයේ දමා යන ලෙසට උපදෙස් ලැබුණු බව ද සැකකරු පොලිසිය
හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම පසුගිය 21 වනදා රාත්‍රියේ ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේ හුලුදාගොඩ මාර්ගය ආසන්නයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට අදාළ වෙඩික්කරු මෙම සැකකරු විසින් එදින පස්වරුවේ රැගෙනවිත් ඇත්තේ පිල්ලෑව, පන්සල අසළින් බව පොලිසිය අනාවරණ කර ගෙන තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු බොරලැස්ගමුව ප්‍රදේශයෙන් බස්සවා යන ලෙසට බඩෝවිට අවිශ්ක නමැත්තා වට්ස්ඇප් ඔස්සේ උපදෙස් දුන් බවයි සැකකරු පවසා
ඇත්තේ.
වෙඩික්කරුවන්ට ඇමතුම් ලබාදීම සඳහා භාවිත කළ ජංගම දුරකථන 3ක් සහ අපරාධ සිදු කිරීම සඳහා සැකකරුට ලබාදී තිබූ රුපියල් ලක්ෂ 2ක මුදලින් රුපියල්
55,000ක මුදලක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබුණා.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු අපරාධය සඳහා යොදාගත් බවට සැකකෙරෙන ඇඳුම් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

Latest News
රත්මලානේ කානු හදන්න අගමැතිගෙන් උපදෙස්
Local
31 July 2026
ඉන්දියාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1ක ණය ආධාරයක්
Local
31 July 2026
සෙයුටා අර්බුදය නිසා යුරෝපයේ දේශපාලන උණුසුමක් : ඉතාලියෙන් ෂෙන්ගන් ගිවිසුම අත්හිටුවීමේ තීරණයක්
Local
31 July 2026
4x4 රථ නවීකරණ ගැටලුවට සාධනීය විසඳුමක් ඉල්ලයි
Local
31 July 2026
AI ඉතිහාසයේ ප්‍රථම වරට ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත විශාල AI ආකෘතියක් චීනයෙන් නොමිලේ
Local
31 July 2026
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කෙරේ
Local
31 July 2026
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 06ක විශිෂ්ට T20 ජයක් - ඉමේෂා දුලානි පළමු ශතකය වාර්තා කරයි
Local
31 July 2026
2026 ජුනි මාසයේදී ඉදිකිරීම් කටයුතු ඉහළට
Local
31 July 2026
පාකිස්ථානයේ බ්‍රෝඩ් පීක් හිම නායයාමෙන් සිව් දෙනෙකුගේ දේහයන් හමුවෙයි
Local
31 July 2026
අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ
Local
31 July 2026