General27 July 2026

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය (stf.lk) එළිදැක්වෙයි

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල වෙබ් අඩවිය වන stf.lk එම බලකා මූලස්ථාන කඳවුරේ ප්‍රධාන ශාලාවේදී අද (29) නිල වශයෙන් එළිදැක්වුණා.

මෙම උත්සවය විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

stf.lk වෙබ් අඩවිය නිර්මාණය කළ නිලධාරීන් සඳහා ප්‍රසංසා පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.

නව තාක්ෂණයට අනුගත වෙමින්, විශේෂ කාර්ය බලකායේ විශේෂිත ඒකක, කඳවුරු පිහිටීම, විශේෂ සිදුවීම්, ටෙන්ඩර් කැඳවීම් වැනි තොරතුරු සහ නිල නිවේදන මහජනතාව වෙත කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව සමීප කිරීම මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes