International28 July 2026

ප්‍රංශයේ සහ ස්පාඤ්‍ඤයේ ලැව් ගිනි දරුණු අතට: උණුසුම සෙල්සියස් අංශක 40 පනී

ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ තුනකට අධික පිරිසකට තම නිවාසවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ප්‍රංශය, පසුගිය දශක දෙක තුළ සිදු වූ දරුණුතම ලැව් ගිනි අත්දැකීමට මේ වන විට මුහුණදෙමින් සිටින අතර ස්පාඤ්ඤ අගනුවර වන මැඩ්රිඩ්හි බලධාරීන් පවසන්නේ එම කලාපය ද මුහුණ දී ඇති දරුණුතම තත්ත්වය මෙය බවයි.

බොහෝ ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් තිබෙනවා.

මැඩ්රිඩ් නගරයෙන් පිටත ප්‍රදේශවල හටගත් වෙනත් ලැව්ගිනි හේතුවෙන් දළ වශයෙන් වර්ග සැතපුම් 297ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවට එරට බලධාරීන් ගණන් බලා තිබෙනවා.

මේ අතර ප්‍රංශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් ස්වභාවික සුළං සහ තවත් ගිනි පුපුරු ඇති කළ හැකි යෝධ ගිනි වලාකුළක් නිර්මාණය වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.

ස්පාඤ්ඤයේ ද අදාළ ප්‍රදේශවලින් පුද්ගලයන් 75,000ක් පමණ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ලැව්ගිනි හේතුවෙන් ස්පාඤ්ඤයේ ස්වභාවික උරුමයට සිදුව ඇති හානිය ගණනය කළ නොහැකි තරම් විශාල බව ද වාර්තා වනවා.
Related recommendation
Hiru TV News | Programmes