දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසනවා.
මීගමුවෙන් පැමිණි කාවඩි නර්තන කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කරන සාමාජිකයකු මෙලෙස මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි.
අද (28) දිනයේදී ද පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා. පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 1500කට අධික පිරිසක් යොදවා ඇතැයි ද පොලිසිය පවසනවා.
මේ අතර, ඊයේ (27) පැවැති පස්වැනි පේළි පෙරහරේ අලි ඇතුන් දක්නට නොලැබුණු බව වාර්තාකරු සඳහන් කරනවා.
අද (28) පේළි පෙරහර පස්වරු 2.00ත් 3.00ත් අතර කාලයේදි විදී සංචාරය සඳහා ආරම්භ වන බවත්, දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික රන්දෝලි පෙරහර හෙට (29) ආරම්භ වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙනවා.
Latest News
"සිලෝන් ටී විලේජ්" ප්‍රවර්ධනයට කෝටි 23ක අතිරේක ප්‍රතිපාදන
Local
30 July 2026
රත්මලානේ කුඩු සයිමාගෙන් දෙවිනුවර හඬපට සිද්ධියේ තොරතුරු එළියට
Local
30 July 2026
අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය ඉල්ලා අස්කරගන්න - ලංකා සභාව රජයෙන් ඉල්ලයි
Local
30 July 2026
රුධිර පරීක්ෂාවට වැඩිපුර මුදල් අය කළ වවුනියාවේ පෞද්ගලික රෝහලකට ලක්ෂ පහක දඩයක්
Local
30 July 2026
ඉදිරි මාස දෙකේ ඇති විය හැකි අනපේක්ෂිත වියළි කාලගුණය ගැන විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
30 July 2026
කුඩා වැව් රැසක් සිඳී යාමේ අවදානමක්! - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්
Local
30 July 2026
භූමිකම්පාවකින් බලපෑම් එල්ල වූ ජපානයට ඉන්දියාවේ සහය
Local
30 July 2026
පියා බලන්න රෝහලට ගොස් පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
Local
30 July 2026
වත්තල වෙඩි තැබීමේ සිද්ධියට ආධාර දුන් තරුණයෙක් කොටු
Local
30 July 2026
සුගීෂ්වර බණ්ඩාර අගෝස්තු 12 දක්වා යළි රිමාන්ඩ්
Local
30 July 2026