General28 July 2026

දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්

දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද (28) සහ හෙට (29) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ අනුව, අද රාත්‍රී 9.00 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

එම කාලය තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට පැමිණ කැකනදුර හන්දියෙන්, වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකියි.

එමෙන්ම, තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගන්නා වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගමන් කර දික්වැල්ල වේහැල්ල මාර්ගය ඔස්සේ කැකනදුර හන්දියට පැමිණ මාතර දක්වා ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes