General30 July 2026

කුඩා වැව් රැසක් සිඳී යාමේ අවදානමක්! - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් කුඩා ධාරිතාවක් සහිත වැව් සිඳී යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොලගේ සඳහන් කරනවා.

එසේම ජලාශවල ධාරිතාව අඩුවන නිසා වගා කටයුතුවලදී මෙන්ම අනෙකුත් කටයුතුවලදීත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත්, පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් ජල පරිමාවක් ජලාශවල පවතින බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලන්නේ.

මේ අතර, සමස්ත වාරි පද්ධතියේ ජල ධාරිතාව සහ වර්ෂාපතනයේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වුවහොත් මහ කන්නයේ දී වගා කළ යුතු බිම් ප්‍රමාණය පිළිබදව තීරණයක් ගැනීමට සිදුවන බව ද අධ්‍යක්ෂ ජනරාල් පවසනවා.

එසේම ඔක්තෝබර් මාසයෙන් ඇරඹෙන මහ කන්නයට අවශ්‍ය ජල ප්‍රමාණය රඳවා තබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.


Related recommendation
Hiru TV News | Programmes