General30 July 2026

චරිත් අබේසිංහ ඇප තබා එළියට එයි

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් නැවත බන්ධනාගාර ගත කර සිටි සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ අද (30) ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව අධිකරණ‍යෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 28 පෙරවරුවේ ඇප නියම කළා.

රඛිත රාජපක්ෂ සහ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් දෙදෙනා ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කර තිබුණා.

එහෙත් සැකකාර චරිත් අබේසිංහ නමැත්තා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යළි මෙලෙස බන්ධනාගාර භාරයට පත් වුවා.

එක් සැකකරුවෙකුට ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළා.

එක් සැකකරුවෙකුට ලක්‍ෂය බැගින් වු මුදල් ඇපයක් ද නියමව තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes