මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව සෞඛ්‍ය සේවයේ වෘත්තීය කාණ්ඩ 4ක ක්ෂේත්‍ර 14ක් සඳහා පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය අනිද්දා (01) පෙරවරු 9.00ට අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
එය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති බවයි සඳහන් වන්නේ.
මෙහි දී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන සෞඛ්‍ය වෘත්තීය සේවාවන්ට අයත් වෘත්තිකයින් 1,444 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය කිරීමට නියමිතව තිබෙනවා.
• කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ඛණ්ඩය: වෛද්‍ය සැපයීම් සහකාර (06), වාට්ටු ලිපිකරු (50), සහ නිවාස පාලක/පාලිකා (37)
• ප්‍රාථමික ශිල්පීය සේවා ගණය: සෞඛ්‍ය රියැදුරු (07) සහ රෝහල් ඕවර්සියර් (121)
• ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණය: සංචාරක බංගලා භාරකරු (03), පෝක් ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරු (07), කරණවෑමි (01), විකලාංග කාර්මික සහායක (37), ජලනල කාර්මික (31), මැහුම් ක්‍රියාකරු (64) සහ අරක්කැමි (144)
• ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය: සෞඛ්‍ය කාර්ය සහායක (651) සහ ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක (285)
මෙම පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගිවීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
Latest News
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
03 August 2026
මුතූර් 59 කණුව අසලදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙයි: තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
02 August 2026
ග්‍රීසියේ ලැව්ගිනි නිවන හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි : දෙදෙනෙකු මරුට
Local
02 August 2026
යුරෝපයේ ලැව්ගිනි 1,400කට අධික සංඛ්‍යාවක්: වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 18ක් එක්වෙයි
Local
02 August 2026
ප්‍රසූතියට දින දෙකක් තිබියදී මවයි බිළිඳයි දෙන්නාම ඩෙංගු මාරයා රැගෙන යයි
Local
02 August 2026
Vito Wood Fired Pizza සිය 6 වැනි ශාඛාව City of Dreamsහි විවෘත කරයි
Local
02 August 2026
පුත්තලම සිට ගාල්ල දක්වා මුහුද රළු වෙයි : නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026
ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට දැඩි සුළං: නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026
Pitch Capital Properties සමාගම Global Laurel Excellence සම්මාන ත්‍රිත්වයක් දිනයි
Local
02 August 2026
නීතිවිරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝ 234ක් නාවික හමුදා භාරයට
Local
02 August 2026