තමා යටතේ වෘත්තිය පුහුණුවක් ලබමින් සිටි දාසය හැවිරිදි සිසුවකු හට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ ගුරුවරයකුට බරපතල වැඩ සහිත වසර 07ක සිර දඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු කනිෂ්ක විජේරත්න අද (30) නියම කළා.
එම චෝදනාවට රුපියල් 15000 දඩ මුදලක් ද, අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක්ද ගෙවන ලෙසට විනිසුරුවරයා චූදිතට නියම කළා.
එම වන්දි මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත වසර දෙකක අමතර සිර දඬුවමක්ද, අදාල දඩ මුදල නොගෙවන්නේ නම් තවත් අමතර මාස හයක සිර දඬුවමක් ද අධිකරණයෙන් චුදිතට නියම කෙරුණා.
සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ සහතික කළ පාසලක ආරක්ෂාව යටතේ වෘත්තිය පුහුණුව ලබාමින් සිටි දාසය 16 හැවිරිදි සිසුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්කි හා වෛද්‍ය වාර්තා මගින් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර ඇති බව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා මෙම නියෝගය කර සිටියා.
මෙලෙස දඬුවම් නියම වූයේ සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි අයකුටයි.
චූදිතගේ වයස හා පෙර වැරදි නොමැති බවට වූ වාර්තා සලකා බලමින් විනිසුරුවරයා මෙලෙස දඬුවම් දඩුවම් නියම කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2018 වසරේදී සපුගස්කන්ද පොලිසිය විසින් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විචින් චූදිතට එරෙහිව අධිචෝදනා ගොනුකොට තිබිණා.
රජයේ නීතිඥ සචින්තනී ප්‍රනාන්දු නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
සපුගස්කන්ධ පොලිසියේ කොස්තාපල් (98628) සඳරුවන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා.
Latest News
නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට
Local
31 July 2026
ලබන වසරේ ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන නගර අයි.සී.සී.ය නිල වශයෙන් නිවේදනය කරයි
Local
31 July 2026
'රටම එකට' මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට මාස 09කදී තරුණයින් 7,866ක් අත්අඩංගුවට
Local
31 July 2026
විශාල ශබ්දයකින් පසු ඉන්දියාවේ සිව්මහල් ගොඩනැගිල්ලක් බිමට - 8 දෙනෙකුගේ සිරුරු හමු වෙයි
Local
31 July 2026
මීගමුව මාරක අනතුරෙන් පසු කන්ටේනරයට ගිනි තැබූ තරුණයන් 3ක් අත්අඩංගුවට
Local
31 July 2026
පොලිස් සැරයන්වරු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් වසර 9ක සිරදඬුවම්
Local
31 July 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය ආධාරයක්
Local
31 July 2026
අනුන්ගේ පාර්සල් ගේන්න එපා! - ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
Local
31 July 2026
වසරේ පළමු මාස හයේ රජයේ බදු ආදායම ට්‍රිලියන 2.71ක්
Local
31 July 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
Local
31 July 2026